අපි ගොඩක් දුරට බැටරියෙන් විදුලිය සපයන ඉලෙක්ට්‍රෝනික උපකරණ සමඟ වැඩ කරනවා. එවා බොහෝමයක් නිවැරදිව ධන සෘණ සලකා විදුලිය ලබා දුනහොත් නිසැකයෙන්ම පිලිස්සී යනවා.
මෙය බොහෝවිට ගැටලුවක් වන්නේ අපේ පරිපථ පරීක්ෂා කිරීමේ දී අපට සුලු අමතක වීමකින් අපේම නිර්මාණ විනාශවී යාමේ අවධානමයි.
නමුත් මේ සඳහා සාර්ථකම විසඳුමක් ලෙස අද පළමු පරිපථයෙන් ඉදිරිපට් කරලා තියනවා. ගොඩක් දෙනකුට මේක අලුත් නොවන්න පුලුවන්, ඒ වගේම සරල වෙන්නත් පුලුවන්, මුල සිටම ඉගැන්වෙන පාඩම් මාලාවක් බැවින් මේ සියල්ල පෙන්වා දීම වැදගත් යැයි මා සිතනවා.
අපි මේ සඳහා යොදාගෙන තියෙන්නේ ඩයෝඩ කියන උපකරණය. අපි තවම ඉලෙක්ට්‍රෝනික මූලිකාංග යටතේ ඩයෝඩ Diode ගැන කතා කරලා නැතත්, මේ පරිපථය නිර්මාණය කිරීම සඳහා ඒක ගැටලුවක් නම් වෙන්නේ නෑ.
ඩයෝඩයකින් කරන්නේ එක් දිෂාවකට පමණක් විදුලිය ගෙනයාමකි. මෙහිදී ධාරාවේ අඩුවීම ඉතාම අවම අගයක් ගනී.
මෙම පරිපථය සඳහා 1N4001 දරණ ඉතාමත් සුලබ ඩයෝඩ 4ක් යොදාගෙන තියනවා.
පරිපත සටහන
නිර්මාණය
මෙය දක්වා ඇති PCB සටහනට අනුව මුද්‍රිත පරිපත පුවරුවක හෝ, වේරෝ පුවරුවක නිර්මාණ්Aය කරගත හැකියි.
ක්‍රියාකාරීත්වය.
- පරිපත සටහනේ Out Put කියන ස්ථානයට අවශ්‍ය විදුලි උපකරණයේ ධන හා සෘන අග්‍ර නිවැරදිව සම්බන්ධ කරන්න.
- ඉන්පසු in put යන ස්ථානයට බැටරිය මඟින් විදුලිය ලබා දෙන්න
- බැටරියේ අග්‍ර කෙසේ මාරු කරත් ඔබේ උපකරණය නිවැරදිව ක්‍රියාත්මක වනු ඇත.
මොනවා හරි ප්‍රෂ්ණ තියනවා නම් ඉදිරිපත් කරන්න. තවත් පරිපථයකින් හමුවෙමු.
No comments:
Post a Comment