Electronic Basics # 02 : Resistor Value (ප්‍රතිරෝධක අගය කියවීම) ~ WiredGenius

Electronic Basics # 02 : Resistor Value (ප්‍රතිරෝධක අගය කියවීම)



කලින් පාඩමෙන් අපි ඉගෙන ගත්තේ ප්‍රතිරෝධක වර්ග සහ ඒ ආශ්‍රිත ජනප්‍රිය මෙන්ම ප්‍රායෝගිකව ඉතාමත්ම වැදගත් ගණනය කිරීම්. එම පාඩමෙන් දක්වා තිබුන වීඩියෝව සම්පූර්ණයෙන් නැරඹුවා නම්, ඔබලා මේවන විටත් ප්‍රතිරෝධක වල වර්ණ වළලු මඟින් අගය කියවීම පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඇති. ඒ කෙසේ වෙතත් මෙම පාඩමින් ඒ පිලිබඳ වැඩිදුරට විස්තර සැපයීමට බලා පොරොත්තු වෙමි.





මොනවාද මේ ර්ණ

ප්‍රතිරෝධවල ඇති වර්ණ වළලු තුලින් අගය දැක්වීම සඳහා ප්‍රධාන වශයෙන් වර්ණ 10 ක් භාවිතා කරලා තියනවා. ඒවා නම්, කළු, දුඹුරු, රතු, තැබිලි, කහ, කොළ, නිල්, දම්, අලු, සුදු ලෙස දැක්විය හැකියි. මෙම ප්‍රතිරෝධක වල අගය කියවීමේදී ප්‍රධාන වෂයෙන් මතක තබාගත යුතු කරුණ නම් මෙම පාට දහයේ අනු පිළිවෙලයි. ඒනම් වර්ණය දු‍ටු විට ඒ වර්ණයට අදාල ස්ථානය එහෙමත් නැතිනම් අංකය මතක තබා ගත යුතුය. ඒ සඳහා ලේසිම ක්‍රමය නම් මෙම වර්ණ අනුපිළිවෙල පාඩම් කර ගැනීමයි.

ප්‍රතිරෝධකයක වර්ණ වළලු


වර්ණ වළලු 3 , 4, සහ 5 ලෙස පවතින ප්‍රතිරෝධක පවතිනවා. ඒවායෙන් බහුතරයක් වර්ණ වළලු 3ක් සහිත ප්‍රතිරෝධකයි. ඒ නිසා ප්‍රථමව වර්ණ වළලු 3ක් සහිත ප්‍රතිරෝධක ගැන ඉගෙන ගනිමු. 


මෙම ප්‍රතිරෝධක වල උපරිම වළලු 4ක් පවතිනවා. ඒවායේ ප්‍රධාන වර්ණ වළලු 3ක් සහ අගයේ වෙනස්වීම දක්වන වර්ණ වළල්ලක් පෙන්නුම් කෙරෙනවා. 

මෙම වර්ණ වළලු තුනට අදාල වර්ණ ප්‍රස්ථාරය භාවිතාකර ගණනය සිදුකිරීමට නම් එම ප්‍රතිරෝධක වල උපරිම වළලු 4ක් හෝ ඊට අඩු ගණනක් විය යුතුය.

අගය කියවීම (වර්ණ වළලු 3)

මේ සඳහා පහත ප්‍රස්ථාරය යොදාගත හැකියි. නමුත් මතක තබා ගන්න, ඔබට වර්ණ අනුපිළිවෙල මතක නම් මෙසේ ප්‍රස්ථාර අවශ්‍ය නොවේ.


සරලවම කියනවානම් මෙම ප්‍රතිරෝධක වල අගය කියවීම සිදු කරන්නේ පළමු වළලු දෙකේ අගයන් එක දිගට සටහන් කරගෙන තුන්වන වලල්ලේ වර්ණයට අදාල අගයෙන් වැඩි කිරීමෙනි.

උදාහරණ මඟින් ඒ ගැන සළකා බලමු.



දුඹුරු පාට ට = 1
රතු පාට ට   = 2

කලු පාටට   = x 1 ohm

1 සහ 2 = 12 x 1 ohm
= 12 ohm

තවත් උදාහරණයක්





කහ පාටට    = 4
දම් පාටට     = 7
දුඹුරු පාටට  = 10 ohm

4 සහ 7 = 47 x 10 ohm
470 ohm

තවත් උදාහරණයක්




දුඹුරු පාට = 1
කළු පාට = 0
තැබිලි පාට = x 1k


1 සහ 0 = 10 x 1 k
10k

මේ ආකාරයෙන් ප්‍රතිරෝධක වල වර්ණ ආශ්‍රිතව ගණනය කිරීම් කරගත හැක. මේ සම්බන්ධව ගැටලු ඇතොත් පහතින් දක්වන්න. තවත් පාඩමකින් පසුව හමුවෙමු.

Share:

No comments:

Post a Comment

Recent Posts

Popular Posts

Search This Blog

Powered by Blogger.

Blog Archive

Labels

Recent Posts

පැමිණි පිරිස

Flag Counter

Pages