Electronics Basics # 01 Identify Resistors (ප්‍රතිරෝධක හඳුනා ගැනීම) ~ WiredGenius

Electronics Basics # 01 Identify Resistors (ප්‍රතිරෝධක හඳුනා ගැනීම)




ප්‍රතිරෝධක කියන වචනය එහෙම නැත්නම් Resistor කියන වචනය ඉලෙක්ට්‍රෝනික්ස් කරන හැම දෙනාම අහලා ඇති කියලා හිතනවා. ප්‍රතිරෝධකයක් කියන්නේ අග්‍ර දෙකක් සහිත නිස්ක්‍රිය උපකරණයක් කියන්න පුලුවන් (A resistor is a passive two-terminal electrical component). ඒ කියන්නේ මෙයින් කිසිම බලයන් කිකුත් කිරීමක් සිදු වන්නේ නැති නිසා.



ප්‍රතිරෝධකයේන් කරන්නේ මොනවා ද?

ප්‍රතිරෝධක මඟින් සිදු කරන්නේ ධාරාව සීමා කිරීමක් නැතිනම් පාලණය කිරීමක්.



ප්‍රතිරෝධකවල අගය මනින්නේ මොන ඒකක වලින් ද?

ප්‍රතිරෝධකවල අගය කියවන්නේ ඕම්ස් වලිනි. ඕම්ස් අගය දක්වන සංකේතය වන්නේ "Ω"
ඒවා පහත පරිදි වේ.

1000 ohms  =  1 KΩ
1000KΩ      =  1MΩ
1000MΩ      = 1GΩ

ප්‍රතිරෝධක වර්ග මූනවා ද?

ප්‍රතිරෝධක ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියනවා.
1. ස්ථිර ප්‍රතිරෝධක
2.විචල්‍ය ප්‍රතිරෝධක

මෙම ප්‍රතිරෝධක සඳහා භාවිතාකරන සම්මත සංකේත තමයි මේ


ස්ථිර ප්‍රතිරෝධක



විචල්‍ය ප්‍රතිරෝධක


ස්ථිර ප්‍රතිරෝධක කියන්නේ මොනවා ද?

ස්ථිර ප්‍රතිරෝධක කියන්නේ ප්‍රතිරෝධකයේ අගය වෙනස් කිරීමට නොහැකි ප්‍රතිරෝධකයි. මේවායේ අගය කලින්ම නිශ්චිත කරලා සටහන් කරලා තියනවා. අගය සටහන් කිරීමේ දී එය වර්ණ වළලු මඟින් හෝ කෙලින්ම අගය ලියා දැක්වීම දැකිය හැකියි.
වර්ණ වළලු මඟින්
අගය ලියා දැක්වීම


ස්තීර ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ම අපට දැක ගැනීමට හැකියි.

Lead arrangements



මෙම ප්‍රතිරෝධක රූප සටහනේ දක්වා ඇඑති පරිදි ප්‍රතිරෝධක කිහිපයක් එකට සම්බන්ධකර සකසන ලද ප්‍රතිරෝධක වැලකි. ඔබ රූපවාහිනී යන්ත්‍ර හෝ පැරණි කැසට් යන්ත්‍ර පරීක්ෂා කල හොත් මේවා දැක ගත හැකි වේ.


Carbon composition

බහුතරයක් වු  ප්‍රතිරෝධක මේ ගණයට අයත් වේ. මේවාගේ ප්‍රතිරෝධය වෙනස් කිරීම සඳහා කාබන් අමුද්‍රව්‍යයක් ලෙස යොදාගෙන ඇත. ප්‍රතිරෝධක අගය කිරීම සඳහා වර්ණ වළලු භාවිතා කර ඇත.


SMD resistors 


මෙම ප්‍රතිරෝධක මෙවනවිට ඉතාමත් ජනප්‍රිය වී ඇත්තේ පරිපතය කුඩා කිරීමට හැකිවීම නිසාය. SMD එනම්  Surface Mounted Device ප්‍රතිරෝධක වල අගය වෙනම ආකාරයකට සටහන් කර ඇත.  අගය කියවන අයුරු ඉදිරියේදී ඉගෙන ගමු.

Metal Film resistor



මෙම ප්‍රතිරෝධක ඉතා උසස් තත්වයේ ප්‍රතිරෝධක විශේෂයකි. ලංකාවේ නම් වොට් 1/4 ප්‍රතිරෝධකයක් ශත 50 කට අළවි කරන නමුත් මෙම ප්‍රතිරෝධකයක් රු 2 ක් පමණ වේ. මෙය සෙරමික් බඳකට අතුරා ඇති නිකල් ක්‍රෝමියම් ( nickel chromium (NiCr)) තට්‍ටුවක් මඟින් ප්‍රතිරෝධීතාවය වෙනස් කෙරේ. මේවායේ ප්‍රතිරෝධයේ වෙනස් වීම .5%, 1%, 2% වැනි ඉතා හොඳ අගයක පවතී.


Printed carbon resistor




මෙම ප්‍රතිරෝධක ගැන දැනගෙන සිටීම ඉතාම වැදගත් වේ. ඊට හේතුව නම් අප පරිපථ අලුත් වැඩියා කිරීමේදී ගොඩාක් දුරට නොදැනුවත්කම නිසා මෙම ප්‍රතිරෝධක වලට හාණි සිදුවිය හැක. මේවා ගොඩක් දොරට සංක්‍යංක ඉලෙක්ට්‍රෝනික් පරිපත තුල දක්නට ලැබේ. කාබන් මඟින් ඇඳීමෙන් මේවා පරිපත තුලට ඇතුලත් කර ඇත.

මීට අමතරව ස්ථිර ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ම දක්නට හැකි නමුත්, ඒවා භාවිතය ඉතා අඩු බැවින් ඒ පිළිබඳ හැඳින්වීමක් සිදු නොකර සිටීමි.




විචල්‍ය ප්‍රතිරෝධක කියන්නේ මොනවා ද?


විචල්‍ය ප්‍රතිරෝධක කියන්නේ ප්‍රතිරෝධීතාවය වෙනස් කිරීමට හැකියාව ඇති ප්‍රතිරෝධකයි.  ඒ කියනේ ඕනැම ප්‍රතිරෝධීතාවයක් ලබාගත හැකි බව නොවේ. මෙහිදී දෙන ලද ප්‍රතිරෝධීතාවයේ සිට 0 දක්වා වූ අගයක් ලබාගත ගැක. මෙම විචල්‍ය ප්‍රතිරෝධක ද වර්ග කිහිපයක් ඇත.



ප්‍රතිරෝධක සම්බන්ධ ගණනය කිරීම්

ප්‍රතිරෝධක ප්‍රායෝගිකව භාවිතා කිරීඉමේ දී විවිධ ගණනය කිරීම සිදු කිරීමට වේ. මේ සඳහා සූත්‍ර භාවිතා කෙරේ.

ප්‍රතිරෝධක සමාන්තරගත සම්බන්ධය

ප්‍රතිරෝධක සමාන්තර ගතව සම්බන්ධ කිරීමේ දී ප්‍රතිරෝධී තාවය වෙනස් වේ මෙය සම්මත ප්‍රතිරෝධී අගයන් ගෙන් තොට වෙනත් අගයක් සකස් කර ගැනීම සඳහා භාවිතා කරයි. මෙම ගණනය කිරීම පහත සූත්‍රය භාවිතා වේ



උදා : 1
R1 = 10k
R2 = 20k

= 1/10 + 1/20

=6.67 Kohm

උදා : 2
R1 = 150 ohm
R2 = 33Kohm

R1 = 33*1000
=33000ohm

=1/150 + 1/33000
= 149.32 Ohm

ශ්‍රේණිගත සම්බන්ධයකදී ගණනය කිරීම

මෙහි දී ප්‍රතිරෝධීතාවය ගණනය කරන්නේ එක දිගට සම්බන්ධ කර ඇති ප්‍රතිරෝධ වල අගය එකතු කිරීමෙනි.



උදා : 1
R1 = 10k
R2 = 20k

= 10k + 20k
= 30k


උදා : 2
R1 = 150 ohm
R2 = 33Kohm

R1 = 33*1000
=33000ohm

= 150+33000
=33150Ohm

Voltage Divider

ප්‍රතිරෝධ සම්බන්ධ තවත් වැදගත් ගණනය කිරීමක් තමයි Voltage Divider කියන්නේ. මෙය නිවැරදි වෝල්ට් අගයක් අවශ්‍ය පරිදි ලබා ගැනීම සඳහා උපයෝගී කර ගත හැක.

මේ සඳහා භාවිතා කරන සූත්‍රය සහ පරිපථ සටහන පහත පරිදි වේ.


 

Vin = සපයන වෝල්ටීයතාවය
R1 = ප්‍රතිරෝධකයේ අගය
R2 = දෙවන ප්‍රතිරෝධකයේ අගය
Vout = පිටවන වෝල්ටීයතාවය


12 වෝල්ට් මඟින් වෝල්ට් 5 ක් ගමු.

මේ සඳහා යොදාගත හැකි සාර්ථකම ප්‍රතිරෝධක යුගල නම්

R1 = 4.7k  (කහ,දම්,රතු)
R2 = 6.8k (නිල්,අලු,රතු)
Vin = 12v

ගණනය කරමු

= 12 * 4.7 /(4.7+6.8)
= 56.4/11.5
= 4.90v

තවත් උදාහරණයක් බලමු

R1 = 10k
R2 = 470ohm
Vin = 12v

R1 = 10 *1000 ඕම්ස් වලට පරිවර්තනය කර ගනිමු
= 10000

12* 470/ (470+10000)
= 5640 /10470
= 0.53v

මෙහි අවසානය ලෙස අපි ඕම්ස් න්‍යාය එනම් Ohm's Law" ගැන ඉගෙන ගනිමු.

මෙහිදී ධාරාවක් සන්නායකයක් හරහා ගමන් කිරීමේ දී ලක්ෂ්‍යයන් දෙකක් අතර පවතින වෝල්ටීයතාවය ගණනය කෙරේ. මේ සඳහා පහත සඳහන් සූත්‍රය භාවිතා කෙරේ.




I  = ධාරාව ඇම්පියර් වලින්
R = ප්‍රතිරෝධය ඕම්ස් වලින්
V = වෝල්ට් අගය

උදාහරණ : වෝල්ට් 12 ක් සහ 100 ඕම්ස් ප්‍රතිරෝධයක් සහිත පරිපථයක ධාරාව කොපමණද බලමු.

I  = ?
R = 100
V = 12
I = 12*100
= 1200A

මෙම පාඩම වැඩිය දිග්ගස්සන්නේ නැතිව නවත්තන්නම්. අනික් පාඩමින් ප්‍රතිරෝධකවල වර්ණ භාවිතයෙන් අගය කියවන හැටි බලමු. ගැටලු තියනවා නම් ඉදිරිපත් කරන්න.

Share:

No comments:

Post a Comment

Recent Posts

Popular Posts

Search This Blog

Powered by Blogger.

Blog Archive

Labels

Recent Posts

පැමිණි පිරිස

Flag Counter

Pages