ඉලෙක්ට්‍රෝනික් වැඩ කරන සැඑම දෙනාටම භාවිතයේදී ඇතිවන ගැටලු සහගත තත්වයක් නම්, සමහර වයට වල එන විදුලිය + ද, - ද යන්න සොයා ගැනීමයි. ඔබට මෝටර් රථයක් ඇත්නම් මේ ගැටලුව තවත් වැඩිපුර ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝනික් වැඩ දන්න කෙනෙක්ගේ මෝටර් රථයක ඉලෙක්ට්‍රෝනික් අලුත්වැඩියාවන් කිරීම සාමාන්‍යයෙන් තමාම කරගන්නා නිසා මෙය කොහොමත් අවශ්‍ය වෙන බවනම් නිසැකයි.
මෙම උපකරණය කඩෙන් මිළදී ගන්නේ නම් ඉතාම අධික මිලක් දැරීමට සිදුවන අතර මෙම පරිපථය සැදීමට යන්නේ රුපියල් 10ක් වැනි සුලු අගයකි.
ඔබගේ අවශ්‍යතාවය සහ කාර්යයේ අවශ්‍යතාවය මත සකස් කරගත හැකි එකිනෙකට වෙනස් පරිපත කිහිපයක් මේ තුලින් දක්වා ඇත. කැමති එකක් සකස් කරගන්න.
Simple Unit
මෙම පරිපථය ඉතාම සරලයි. වියදමකින් තොරව සකස්කරගත හැකි මෙය එක් අතකට පමණක් ක්‍රියා කරයි. A අග්‍රයට ධන ද, B අග්‍රයට සෘණ ද සම්බන්ධ වූ පසු පමණක් පල්බය දැල් වේ
පරිපථ සටහන
නිර්මාණය
මේ සඳහා අවශ්‍ය උපකරණ,
1. LED බල්බ 1 යි
2. 1K ප්‍රතිරෝධක එකයි.
3. ඉවත දැමූ Tester 1 යි.
4. clip එකක් හෝ multi meter probe එකක්
එකලස් කිරීම
- මුලින්ම ටෙස්ටර් එකේ ඇතුලේ ඇති කොටස් ඉවත් කරන්න.
- ටෙස්ටර් එකේ කෙලවර අවශ්‍යනම් උල් හැඩයට රවුම් කරගන්න
- පරිපථයේ ඒ අග්‍රය ටෙස්ටරයේ ඇතුල් පැත්තේ යකඩයට ගෑවෙන සේ තබා බල්බය සහ රෙසිස්ටර් එක tester එකේ ඇතුලට දමන්න. Multimeter Prob එකේ වයරය b අග්‍රයට සවි කරගන්න.
- දැන් හරි.
කාර් එකක් සඳහ යොදා ගන්නේ නම් Probe එක වෙනුවර Clip එකක් යෙදීම ප්‍රායෝගික වේ.
Dual Unit
මෙම පරිපථය භාවිතයෙන් අග්‍රය ධන හෝ සෘණ යන්න නොසලකා පරීක්ෂා කර හැක. නිවැරදිව ධන හෝ සෘණ අග්‍ර වයර දෙකට කෙසේ හෝ සම්බන්ධ වූවහොත් ධන අග්‍රයට අදාල වයරය සම්බන්ධ බල්බය දැල්වෙනු ඇත.
අවශ්‍ය උපකරණ
ඉහත උපකරණ වලට අමතරව තවත් ටෙස්ටර් එකක් සහ LED බල්බ එකක් ද,
ඩයෝඩ දෙකක් ද අවශ්‍ය වේ.
පරිපථ සටහන
නිර්මාණය
මෙහිදී මුලින්ම සැකසුවාසේ ටෙස්ටර දෙකක් සකස් කර, ඒ ඇතුලට LED බල්බ එක බැගින් ටෙස්ටර දෙකට බල්බ දෙක සම්බන්ධ කරන්න.
Full Unit
මෙම පරිපථය ඉහත පරිපථ දෙකටම වඩා දියුණු පරිපථයකි. මෙහිදී ධන හා සෘණ අග්‍ර කෙසේ සම්බන්ධ වූවද, ධන අග්‍රයට අදාලව රතු බල්බය ද, සෘණ අග්‍රයට අදාල කොල බල්බයද දැල් වෙනු ඇත.
පරිපථ සටහන
අවශ්‍ය උපකරණ
මෙහිදී ඩයෝඩ දෙක අවශ්‍ය නොවේ, ඒ වෙනුවට කොළ පාට LED දෙකක් අවශ්‍ය වේ.
නිර්මාණය
මෙහිදී මුලින්ම සැකසුවාසේ ටෙස්ටර දෙකක් සකස් කර, ඒ ඇතුලට LED බල්බ 2ක බැගින් ටෙස්ටර දෙකට බල්බ 4 සම්බන්ධ කරන්න.
ඔබගේ ගැටලු සහ අදහස් අප වෙත යොමු කරන්න. නැවත හමුවෙමු.
No comments:
Post a Comment